Colombo Today Local News

කොස්ගොඩ සුජී යළි කරලියට

මසක් නිහඬව සිටි කොස්ගොඩ සුජී යලි වැඩ අරඹයි.

අද (30) උදෑසන අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙ-ඩිතබා ඝාතනය කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T-56 අවියකින් මෙම වෙ-ඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

වෙ-ඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 38 හැවිරිදි කැලුම් චතුරංග නැමති මාළු වෙළෙන්ඳෙකි. වෙඩි තැබීම සිදුකර ඇත්තේ ඔහුගේ හිස ප්‍රදේශයටය.

මෙම ඝා-තනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ක්‍රියාවක් බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙ-ඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 2022.08.04 වන දින කොස්ගොඩ පොලිස් වසමේ ටශීමා හෝටලයේදී වෙඩි තබා ඝා-තනය කරන ලද විජේසේකර ගමාච්ච්ගේ අමිල සඳරුවන් යන අයගේ සහෝදරයා බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මඟින් පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

Related posts

පහරදීම ගැන කරුණු කියන්න වැඩබලන පොලිස්පති පොලිස් කොමිසමට එයි – video

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

colombotoday

“උපන් මවත් වැදූ මවත් ස්වර්ගයට වඩා වටී” එනිසා මේ රටේ මිනිසුන්ට හිනාවෙන්න පුළුවන් පරිසරයක් හදන්න – ඥානසාර හිමි

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday