ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද (02) දින කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ වන විට ප්රධාන වෙඩික්කරුවන් දෙදෙනා අතුළුව මෙම ප්රහාරය සඳහා ආධාර අනුබල දුන් සියලු දෙනා අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.