Colombo Today Local News

වෛරය ක්‍රෝධය ඉවත දමා ජනපතිට අවස්ථාව දිය යුතුයි

වෛරය, ක්‍රෝධය ඉවත දමා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීම සඳහා භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගතයුතු යැයි දොඩම්පහල ශ්‍රී රාහුල හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතරින් රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ඉදිරියෙන්ම සිටිනුයේ රනිල් වික්‍රමසිංහ මහතා බවද උන්වහන්සේ කීහ.

වෛරය හා ක්‍රෝධය ඉවත දමා රට ඉදිරියට ගෙන යෑමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ එසේ පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශිර්වාද කරමින් ගාල්ල ප්‍රදේශයේ 14 වැනිදා පැවති විශේෂ සඟ සමුළුවට සහභාගි වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

“ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි තැන බුද්ධාගම ගැන සඳහන් වෙලා තිබුණත් රජයෙන් සිවුරක්වත් හම්බවෙන්නේ නැහැ. ඒ දේ අපේ රජයෙන් සැබෑවටම සිද්ධ වෙන්න ඕනෑ. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබෙනවා. නමුත් එහි සිටින අය හාමුදුරුවන් වහන්සේලා දන් වළඳන වේලාවවත් දන්නේ නැහැ.

86, 87, 88, 89 කාලය තුළ තරුණ හාමුදුරුවන් වහන්සේලා අපවත් වුණු ප්‍රමාණය මට මතකයි. මම එදා ඒ පින්තූර එකතු කරමින් එක්තරා සංවිධානයක් හරහා උන්වහන්සේලාගේ මානව අයිතීන් පිළිබඳව කටයුතු කරන්නට කැපවුණා. ඒ කැපවීමට 1336 නමකගේ නම් එකතු වුණා. ඒ දේවල් කවුරු කළත් එතැනට මේ රට ගෙන ගියේ කවුද? මිනිසුන්ගේ මනස විකෘති කළේ කවුද? මේවා පිළිබඳව අපි බොහොම ගැඹුරින් හිතන්න අවශ්‍යයි.

Related posts

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin

කුණු වලට විරුද්ධ වුවොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට.. ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කිරීමට තවත් කල් ගත නොහැකි බවට රජය සමග එකඟ වීමු – සමැන්තා පවර්

colombotoday