Colombo Today Local News

ජනපතිතුමාට කියා මාස 3 කින් පරවිපාංජාන් හමුදා කදවුර ඉවත් කර දෙනවා – විජයකලාගෙන් සහතිකයක් !

vijayakala

කිලිනොච්චිය පරවිපාංජාන් හමුදා කදවුර ඉවත්කර ඉඩම් ලබා දෙන්නැයි බලකරමින්, සිවිල් වැසියන් පිරිසක් දින 16ක් පුරා පැවැත්වූ උපාවසය රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ලබා දුන් පොරොන්දුවක් මත අවසන් කර තිබෙනවා.

පරවිපාංජාන් ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවත් කර මාස තුනක් ඇතුළත ඉඩම් නැවත ලබා දෙන බවට ඇමතිනි විජේකලා මහේෂ්වරන් උපවාසකරුවන්ට සහතික වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කිළිනොච්චියේ යුද හමුදා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පෙර ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව ප්‍රකාශ කර ඇත.

නාවික හමුදාව විසින් භාවිතා කරනු ලබන ඉරණතීවු ප්‍රදේශයේ ඉඩම් නිදහස් කොට දීමට නාවික හමුදාව සහ අගමැතිවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී එම ඉඩම් යළි මුල් අයිතිකරුවන්ට ලබා දෙන මෙන් අගමැතිවරයා නියෝග කළ බවත් පවසා ඇති ඇය, පලාලි ගුවන් තොටුපල ප්‍රාදේශීය ගුවන් තොටුපලක් වශයෙන් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැරුණු විට සෙසු ඉඩම් ඒවායෙහි අයිතිකරුවන්ට ලබා දෙන බවද සහතික වී ඇත.

Related posts

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මාසයට අදාළ මුදල් හෙට ගිණුම් වලට

Admin

ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අල්ලයි

colombotoday

ෆොන්සේකාට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සමගින් පොලිසිය බාර අමාත්‍යංශය

colombotoday

“හිටපු කොටි සාමාජිකයන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නවානම් අපි නිකන් ඉන්නේ නෑ” TNA

colombotoday

LIOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර

colombotoday

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday