Colombo Today Local News

පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන කථානායක ගෙන් විනය පරීක්ෂණයක්

ඊයේ (21)දින පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

අද (22)දින පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් කථානායකවරයා පවසා සිටියේ, එම පරීක්ෂණයෙන් ලබාදෙන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවය.

අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගැණුනි.

එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරතවිය.

එහිදී ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි 10ක කාලයක් සඳහා සභාව කල් තැබීමට ද කථානායකවරයාට සිදුවිය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදි පවසා සිටියේ විවාදයේ යෝජනාව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කළ බැවින් විවාදයේ ආරම්භයත් විපක්ෂයට හිමිවිය යුතු බවය.

එයට පිළිතුරු දෙමින් සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ, පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳ ගත් තීරණය අනුව කටයුතු කරන බවය.

නමුත් එය කිරිඇල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග මැති ඇමතිවරු අතර, උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

Related posts

ගුවන් හමුදාවේ ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

colombotoday

අරගලකරුවන්ට ගැටලු‍ සාකච්ඡා කරන්න ආණ්ඩුවෙන් වෙබ් අඩවියක්

colombotoday

18 වංගුව යළි විවෘතයි..

Admin

“ජාත්‍යන්තර නීතිය නවන ඇමරිකානු රූකඩ එපා !” ජනිපෙන් බැන් කී මූන්ට විරෝධය

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday