Colombo Today Local News

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි.. උසස් පෙළ ආරම්භය ජූලි – අධ්‍යාපන ඇමති

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වනවිට ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද (22)දින නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපේ ප්‍රධාන අරමුණ තමයි රටේ දූ දරුවන්ගේ වටිනා තරුණ කාලය අපතේ නොයැවීම. මාර්තු 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිතයි. පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිතයි. ඒ සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම්කොට තිබෙනවා.”

“ඒවගේ ම කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කරලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා තිබෙනවා. ඒ සම්බන්ධව විදුහල්පතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කරලයි තිබෙන්නේ.”

Related posts

ශ්‍රී ලංකාව – මියන්මාරය කේන්ද්‍රකරගෙන නව ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් බිහි වේ !

colombotoday

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

මාර්ග කිලෝමීටර් 1500ක් වැඩිදියුණු කරන්න කැබිනට් අනුමැතිය

Admin

එජාප නායකත්වය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා !

colombotoday

කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ – විමල් වීරවංශ

colombotoday