Colombo Today Local News

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ටත් LTTE ඩයස්පොරා ප්‍රහාරයක් !

hkiuh25

කොටි හිතවාදී ඩයස්පොරා කණ්ඩායම් මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරින් අයි. අන්සාර් මහතාට පහර දී තිබෙනවා.

මැලේසියාව බලා ගිය ඒකාබද්ධ විපක්ෂයේ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමග ගුවන්තොටුපළ වෙත ගොස් යළි එමින් සිටියදීයි මහ කොමසාරිස්වරයා මෙම පහකෑමට ලක්ව තිබෙන්නේ.

මැලේසියාව බලා ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉකුත් දින කිහිපයේදී කොටි ඩයස්පොරා කණ්ඩායම්වලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර, හිටපු ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ සෙන්ටුල් බෞද්ධ විහාරයේ අධිපති හිමියන්ටද ප්‍රහාරයක් එල්ලකර තිබුණා.

මේ හේතුවන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තර කිරීමට එරට රජය පියවර ගෙන තිබෙන අතර, හෙට දිනයේ (05) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

Related posts

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

colombotoday

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

Admin

ඇමරිකානු හමුදා සැපයුම් කදවුරක් ත්‍රිකුණාමලේ ස්ථාපිත කිරීමට සූදානම් – ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියෙක් මුල්වරට හෙළිකරයි

colombotoday