Covid 19

ඩෙල්ටා වසංගතයක් ලෙස මෙරට පැතිර යාමේ අවදානමක්.. | ආසාදිතයන් අඩුවක් ඇති බව බලධාරීන් ව්‍යාජ තොරතුරු පවසනවා.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 35 දෙනකු පමණ මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළත් සත්‍ය ලෙසම හඳුනා ගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය 250 ක් පමණ විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

එමනිසා කොවිඩ් – ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි දින කීපයේ වසංගතයක් ලෙස මෙරට පැතිර යාමේ අවදානමක් ඇති බව ද සඳහන් කරයි.

වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා…

“මෙවැනි අවදානමක් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කාලයක සංචරණ සීමා ඉවත් කිරීමට වග කිව යුතු අංශ කටයුතු කිරීමත්, ජනතාව වගකීමකින් තොරව හැසිරීමත් කනගාටුදායක තත්ත්වයක්.පවතින තත්ත්වය අනුව ඉදිරි කාලයේදී දරුවන් පවා මෙම ව්‍යසනයට ගොදුරු විය හැකියි.
ඒ සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.මෙම තත්ත්වයේ බැරෑරුම් බව රජය මෙන්ම මහජනතාවද අවබෝධ කර ගත යුතු වනවා. දිනපතා වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය අඩුවක් ඇති බව බලධාරීන් ව්‍යාජ තොරතුරු පවසනවා. වාර්තා වන කොවිඩ් මරණ ප්‍රමාණය අනුව ඇති අවදානම් තත්ත්වය මනාව අවබෝධ කර ගත යුතු බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.”

Related posts

නිවුන් දරු ප‍්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයි

colombotoday

කොවිඩ් යළි හිස ඔසවයි – ආසාදිතයින් 62ක් හඳුනාගනී

colombotoday

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday

තවත් කොවිඩ් ආසාදනය වූ රෝගීන් 1,782ක්

colombotoday

රටම හුදෙකලා නොකර කොරෝනා මඬින්න බැහැ. – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

colombotoday

කොරෝනා වයිරසය ජයගැනීමට නබි තුමාගේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගත හැකියි. අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් පණිවුඩයක්

colombotoday