Colombo Today Local News

2018 වසරේ සිට ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන තහනම්

article-1253022-0864B45E000005DC-26_468x286ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන 2018 වසරේ සිට තහනම් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. ඊයේ 14 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

2018 වසරේ සිට මෙරටට ඇස්බැස්ටස් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කිරීමට පසුගිය දා රජය ගත් තීරණය ත් සමග ඊට යොදා ගත හැකි විකල්ප ක්‍රම පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඇස්බැස්ටස් තහඩු මෙන් ම බ්‍රේක් තහඩු, ක්ලච් තහඩු, ගෑස්කට්, ඇස්බැස්ටස් කඹ ඇතුළු ඇස්බැස්ටස් ආශ්‍රිත නිෂ්පාදන ද 2018 වසරේ සිට තහනම් කිරීමට මෙහිදී අවධානය යොමු වූ බව ය.

එමෙන් ම පාසල්, රෝහල් හා අනෙකුත් රජයේ ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් නොවන සෙවිලි තහඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු ව තිබේ.

Related posts

ගන්දර සමන් STF දැලේ

colombotoday

අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට

colombotoday

18ට වැඩි අයට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතුයි

colombotoday

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයි

Admin