බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ මහතා ඉදිරි දින කිහපය තුළදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
බැසිල් රාජපක්ෂ මහතාට හෙට පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය වෙත පැමිණෙන්නැයි දන්වා ඇත. ඒ දිවි නැගුම ව්‍යාපෘතියේ සිදුවූවා යැයි කියන අයතා ගනුදෙණුවක් සම්බන්දයෙන් කෙරෙන විමර්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහාය.
එමෙන්ම චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ලබන 26 දා විමල් වීරවංශ මහතාටද පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය වෙත වාර්තා කරන්නැයි දන්වා ඇති බව පැවසෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, ආණ්ඩුවට එරෙහි පාද යාත්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.
සැලසුම් සහගත ලෙස ආණ්ඩුව එය කි‍්‍රයාත්මක කරමින් සිටින බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.