මහනුවර,කඩුගන්නාව-ඉලුක්වත්ත ප්‍රදේශයේ නායයාමකින් පුද්ගලයින් 6 දෙනෙකු පස් කන්දකට යටවී අතුරුදහන්වී තිබේ.
අදාළ ස්ථානයේ පැවති නිවාස දෙකක් මෙලෙස පස් කන්දකට යටවී ඇති බවත්,මෙම හයදෙනා එම නිවාස දෙකෙහි වාසය කළ උදවිය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කෙසේවෙතත් අතුරුදහන්වුණු පුද්ගලයින් සොයා මේවන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කරයි.