Colombo Today Local News

දකුණේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරුවෙකු තංගල්ලේදී ඊයේ (14)දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 36 හැවිරිදි පපි නමින් හඳුන්වන බෝට්ටු පදවන්නෙකි.

පසුගිය පෙබරවාරි මාසයේදී මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට මොහු සිය බෝට්ටුව යොදාගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම අවස්ථාවේදී ගිනිඅවි කිහිපයක් ද රැගෙන පැමිණ ඇති බවද මේ වනවිට වාර්තා වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කලක සිට සැඟව සිට ඇති අදාළ සැකකරු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ රහසිගත විමර්ශනයකින් පසු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු මුහුදු තීරය, වැලිගම, ගන්දර, තංගල්ල ආදී ප්‍රදේශ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත්වෙමින් තිබූ බවත් මේ වනවිට එම තත්ත්වය පාලනය කිරීමට හැකියාවක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ක්‍රිකට් විකාශන අයිතිය රාජපක්ෂ රෙජීමයෙන් වික්‍රමසිංහ රෙජීමයට!

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

colombotoday

මෙන්න අලුත්ම ජීවන වියදම

Admin

පානම දළ පූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන් !

colombotoday

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

colombotoday