ඊයේ (31) පෙරවරුවේදී පැවති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී, පිළියන්දල වේරැස්ගග ව්‍යාපෘතියට ආදලව කඩා ඉවත් කිරීමට නියමිත නිවාසවල ජීවත්වන්නන්ගේ ගැටළු සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකදී මහා නගර සංවර්ධන අමාථ්‍ය පාඨලී චම්පික රණවක මහතා යක්ෂාවේෂයෙන් හැසිරී ඇති බව වාර්තා වේ.
ජනතා ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට ජනතා විරෝධය හමුවේ සැර වචන භාවිතා කරමින් ඇමතිවරයා බැනවැදී ඇති අතර අවසානයේ ජනතාවට “තක්සේරු දෙපාර්තමේන්තුවෙන් දෙන ලක්ශ 5 අරගෙන එළියට බැහැපල්ලා” යනුවෙන්ද පවසා ඇත.