Colombo Today Local News

මවගේ මළගමට පැමිණ ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සොහොයුරන් දෙදෙනා මරුට – තවත් අයෙක් රෝහලේ

මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේ සිය මවගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ, පිරිසක් සමඟ මත්පැන් පානය කළ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මොවුන් මෙලෙස මියගොස් ඇති අතර, එම මත්පැන් පානය කළ තවත් අයෙකු රෝහල් ගතකර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පෙරේදා (13)දින රාත්‍රියේ ඔවුන් මෙලෙස මත්පැන් පානයකර ඇති අතර, මියගිය පුද්ගලයින් එකම පවුලේ 54 සහ 47 හැවිරිදි සහෝදරයින් ය.

Related posts

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්දව තවත් දෙදෙනෙක් කොටු

colombotoday

මිහින්තලා රජමහා විහාරයේ විදුලි බිල සජිත් ගෙවයි

Admin

අධිකරණ නියෝගයක්.. ගීතාට මන්ත්‍රීධුරය අහිමි වෙයි.. පියසේනගේ පින පෑදෙයි !

colombotoday

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin