Colombo Today Local News

කටුගස්තොට පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි

කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු බර වාහන ධාවනය කිරීමෙන් වළකින්නැයි, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කටුගස්තොට මංසන්ධියට කිලෝමිටර් 0 2 ක් පමණ දුරින් ඉදි කෙරෙමින් පවතින පස් මහල් වාණිජ ගොඩනැගිල්ලක් ඊයේ (12)දින සවස 5.30 ට පමණ හදිසියේ ගිලා බැස ඇති බවයි.

ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

මේ අතර පොලීසිය පැවසුවේ බර වාහන ධාවනය සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව මහනුවර සහ මාතලේ දෙස සිට කටුගස්තොට මාර්ගය ඔස්සේ කුරුණෑගලට ගමන් කරන බර වාහන ගොහාගොඩ මාර්ගයෙන් වමට හැරී බරිගම මාර්ගයට පිවිස කුරුණෑගල දෙසට ධාවනය කළ හැකියි.

මීට අමතරව කුරුණෑගල සිට කටුගස්තොට දෙසට ධාවනය කරන බර වාහන බරිගම මාර්ගයෙන් පැමිණ ගොහාගොඩ මාර්ගය ඔස්සේ කටුගස්තොටට ධාවනය කළ හැකි බව ද පොලිසිය සඳහන් කළේ ය.

Related posts

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

ඉන්දීය රුපියල ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday

ලාල් කාන්ත කියූ විදියට අලි රිලා ප්‍රශ්නය විසදනු

Admin