Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් ලැබෙයි.. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනී

Joint opposition leaders

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින දේශපාලන පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනිමින් ස්ථාවර නියෝග 23(2) යටතේ විශේෂ ප්‍රකාශ සිදු කිරීමට එම පක්ෂ නායකයින්ට ඉඩ ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවේ දී එකඟ වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එබැවින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉදිරියට සිදු කිරීමට නියමිත විරෝධතා නතර කිරීමට පියවර ගන්නා බව ද මන්ත්‍රීවරයා සඳහන්කළේය. මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගැනීම හැර අනෙකුත් සියලු ඉල්ලීම්වලට එකඟ වූ බව පැවසේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සිටින පක්ෂ නායකයින්ට ජාතික වැදගත්කමකින් යුතු ප්‍රකාශ කිරීමට ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තුවේ දී ඉඩ ලැබෙනු ඇති. ඊට අමතරව පක්ෂ නායක රැස්වීම් සඳහා සහභාගිවීමට හැකියාව ලැබේ. එසේම පාර්ලිමේන්තුවේ ‍පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කමිටුවල සාමාජිකයින් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත්කිරීමේ හැකියාවද ලැබීතිබේ.

මෙම කමිටු සඳහා දැනට පත්කර ඇති මන්ත්‍රී නියෝජිතයින්ට අතිරේකව තවත් මන්ත්‍රීවරු 5 බැගින් පත් කිරීමට නියමිත අතර ඉන් දෙදෙනකු පත්කිරීමේ අවස්ථාව ඒකාබද්ධ විපක්ෂයට ලැබෙනු ඇති බවට වාර්තා වේ.

Related posts

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin

තනි තනිව සටන් කර අයිතිවාසිකම් දිනා ගන්න බෑ- අගමැති

colombotoday

චීන දූත පිරිසට PCR පමණයි.. නිරෝධායනය කරන්න බෑ ඔවුන් චීනයේ බලවත් පිරිසක් – සෞඛ්‍ය ඇමතිනී පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

සෞඛ්‍ය බළධාරින්ගේ නිසි සහයෝගයක් නෑ. | ඌවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙඩ නිවාඩු දමති.

colombotoday