Colombo Today Local News

නාමල් ට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට දින නියම කෙරේ…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමක යෙදවූ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන මැයි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම පැමිණිල්ල අද (08)දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ, එම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවය.

නීතිපති උපදෙස් ලබාගෙන කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය පැමිණිල්ල නැවත ලබන මැයි මස 11 වනදා කැඳවීමට නියම කර තිබේ.

Related posts

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

ගෝඨාභයගෙන් සහතිකයක් !

colombotoday

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

ගවයින් 16ක් ඕමන්තේදී දුම්රියක ගැටෙයි

colombotoday

ජනපතිගෙන් යළි විශේෂ ආරාධනයක්

Admin

රොයල් පාක් ඝාතකයාට සමාව දුන්නේ ආගමික නායකයන්ගේ ඉල්ලීම මතයි – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday