Colombo Today Local News

යෝෂිත වෙනුවෙන් විරෝධය පෑ ක්‍රීඩකයන් හතරකට තරග තහනමක්!

නාවික හමුදා රගර් කණ්ඩායමේ රගර් ක්‍රීඩකයන් සිව් දෙනෙකුට එරෙහිව නාවික හමුදාපතිවරයා විසින් තරග තහනමක් පනවා තිබෙනවා. ඒ නාවික හමුදාවේ විනය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා යුද හමුදාව හා නාවික හමුදාව අතර ඊයේ (14) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ‘YO-07’ ලෙස සදහන් වූ අත්පටි පැළද ක්‍රීඩාකර තිබෙන අතර සිය කණ්ඩායමේ හිටපු නායක යෝෂිත රාජපක්ෂට සහය පළ කිරීම සදහා මෙම අත්පටි පැළද ඇති බවයි සදහන් වන්නේ.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයා වන අතර ඔහුගේ අංකය වී ඇත්තේ 07 යි.

Related posts

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

colombotoday

දහම් පාසල අනිවාර්යය කළ යුතුයි – නමට බෞද්ධකම වැඩක් නෑ

colombotoday

ඇමෙරිකාවෙ ඉන්න රනිල්ට ජපානයේ සිට මහින්දගෙන් කෝල් එකක් !

colombotoday

මන්නාරම නාරිකාඩුවල සිංහලයන්ගේ කඳුළු කථාව

colombotoday

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

colombotoday