Colombo Today Local News

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් අත්අඩංගුවට ගත් බව ගම්පොල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පවසයි.

ගම්පොල විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගම්පොල ප්‍රාදේශීය කාර්‍යාලයේ සහකාර කොමසාරිස් එස්. කේ. ටි. පි. සිරිවර්ධන මහතා එම කසල තේ ගබඩාව ලියාපදිංචි නොකල ආයතනයක් බවත් එම තේ මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන වග රසායනාගාර පරීක්ෂණයක් කරන බව ද සදහන් කරයි.

Related posts

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

colombotoday

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද සිට

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

colombotoday

80% කින් සිංහල බලය පෙන්නමු – සේරුවිල නායක හිමි

colombotoday

අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න අමාරුයි

Admin

ආන්නද/නාලන්ද බොදු සළකුණ මකා දැමීමේ තැතක් ! සංහිදියාව හදන්න මුස්ලිම් ගුරුවරු පත්කර එවලා..

colombotoday