Uncategorized

බැදුම්කර මගඩියට පෙරදා රවී, මලික්, කබීර් මහබැංකුවේ සාකච්ඡාවක් තියලා – කොමිසමේදී හෙළිවෙයි

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවූ දිනට පෙර දින අමාත්‍යවරුන් පිරිසක් මහ බැංකුවට පැමිණ සාකච්ඡාවකට සහභාගී වු බව මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා පවසයි.

බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (23)සාක්ෂි ලබාදෙමින් ආනන්ද සිල්වා මහතා මේ බව අනාවරණය කළේය.

දින සියය ආණ්ඩුවේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ රවී කරුණානායක, කබීර් හෂීම් යන මහත්වරුන් මෙන්ම එවකට එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා ද එම සාකච්ඡාවට සහභාගී වු බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේය.

මහ බැංකුවේ 16 වන මහලේ පැවති මෙම සාකච්ඡාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් පිරිසක් ද සහභාගී වී තිබේ.

සාකච්ඡාවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස තමන්ට ද ආරාධනා කර තිබු බවයි ආනන්ද සිල්වා මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

අදාළ සාකච්ඡාවේ දී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට යෙදවීම සඳහා රජයේ මුදල් අවශ්‍යතාවය සම්බන්ධයෙන් සාකච්ඡා වු බව ඔහු සඳහන් කරයි.

එහිදි පසුදින ණය දෙපාර්තමේන්තුවේ පවත්වන වෙන්දේසියේ දී එම මුදල් අවශ්‍යතාවය සපුරාගැනීමට තීරණයක් ගත්තේ ද යන්න සම්බන්ධයෙන් බැදුම්කර කොමිසම ආනන්ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ එවැනි තීරණයක් නොගත් බවය.

රජයේ හදිසි මුදල් අවශ්‍යතා සම්බන්ධයෙන් මහ බැංකුව දැනුවත් කිරිමට අවශ්‍ය නම් එය මුදල් අමාත්‍යාංශය හරහා සිදුකළ හැකි නොවන්නේ ද යන්න කොමිසමේ සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා එහිදි විමසුවේය.

ආනන්ද සිල්වා මහතා පැවසුවේ මුදල් අමාත්‍යාංශයට එම දැනුම්දීම සිදුකළ හැකි බවය.

එමෙන්ම අමාත්‍යවරුන් පිරිසක් මහ බැංකුවට පැමිණ සාකච්ඡාවකට සහභාගී වීම සාමාන්‍යයෙන් සිදු නොවන්නක් බව කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති ආනන්ද සිල්වා මහතා කියා සිටියේය.

Related posts

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

සජිත් ජනපති වුනත් වෙනසක් නෑ, අගමැති මමමයි !

colombotoday

පොලිස් පරිසර ඒකකය නැවත බලගැන්වෙයි… රටපුරා පවිත්‍රතා වැඩසටහන් උදෑසන 5.30 ආරම්භ කරන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

“1948න් පසු ජාතිය අවදානම් මොහොතක” ජිනීවා අනතුර ගැන හිටපු ජනපති කල සම්පූර්ණ කතාව – Video

colombotoday