ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවිය.
1946 වසරේ ජනවාරි මස 9 වන දින මොරටුවේදී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවේ ය.
ඔහු රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ සහ මොරටු මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
බයිලා ගායකයෙකු ලෙස වේදිකාව හැඩ කළ නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ දරුවන්ටයි’, ‘කාවඩි බයිලා’, ‘ලස්සනට පිපුණු වනමල්’, ‘කරුණා සුවඳ’, ‘සල්ලි මිටි ගණන්’ ආදී ගී වේ.