Colombo Today Local News

‘එක්ස්ප්‍රස් පර්ල්’වලින් සිදු වූ හානියට මිලියන 420 ක් ධීවරයින්ට දුන්නා’ – කංචන විජේසේකර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි හානිය සඳහා ලැබුණු වන්දි මුදලින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවරයන් 14400කට වැඩි පිරිසකට සෘජුවම ලබාදී ඇතැයි බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානියට දැනට වන්දි දී ඇත්තේ දින පහක කොටසකට පමණයි.අපට ලැබුණු වෙනත් වන්දි වලින් වැඩි කොටසක් ධීවරයන්ට දෙන ලෙස ජනපති උපදෙස් දී තිබෙනවා .ඒ අනුව ලැබුණු රුපියල් මිලියන 720 ක මුදලකින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවර ජනතාව සඳහා මූලික වන්දියක් ලෙස ගෙවා තිබෙනවා.

එම මුදලින් ගම්පහ කොළඹ කළුතර තහනම් කලාප කොටසේ 14400කට වැඩි ජනතාවකට සෘජුවම ඔවුන්ගේ ගිණුම් වලට වන්දි මුදල් බැර කර තිබෙනවා. ඉතිරි වන්දිය අපට ලැබෙන පරිදි තැන්පත් කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා(සජබ) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.

Related posts

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

colombotoday

ගෝඨාට එරෙහිව ඇමරිකාවේදී පැවරූ නඩුව විභාග කිරීම අවලංගු කරයි

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

රනිල්ගේ නිවසට හානි කල සැකකරුවන් අල්ලන්න මහජන සහය ඉල්ලයි – ඡායාරූප 14 ක් එළියට

colombotoday

කොරෝනා වයිරසය ශීතකරණ තුළ සුරක්ෂිතයි. කල් පැවැත්ම ඉහලයි. අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

colombotoday

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday