World

කොවිඩ් නසන්න තවත් පෙත්තක් ෆයිසර් සමාගමෙන්

කොවිඩ් වෛරස ආසාදිතයන් රෝහල් ගතකිරීම සහ මරණයට පත්වීම කැපී පෙනෙන ලෙස අවම කරන ඖෂධ පෙත්තක් ඇමරිකානු ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කොවිඩ් පෙත්ත පැක්ස්ලොවිඩ් ලෙස නම් කර තිබෙන අතර කොවිඩ් ආසාදනය වී සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට ලබාදිය හැකි බව වර්තා වේ.

එම පෙත්ත සියයට 89ක ශක්‍යතාවකින් යුක්ත වන බවත් ඖෂධය ලැබූ පුද්ගලයන් රෝහල් ගතකිරීම් සහ මරණයට පත්වීම කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන බව එහි සායනික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

අවදානම් කාණ්ඩයේ ආසාදිතයන් 1,219 දෙනෙකුට පැක්ස්ලොවිඩ් ඖෂධය ලබාදීමෙන් අනතුරුව රෝහල්ගත කිරීම සිදුව ඇත්තේ ඉන් සියයට දශම බින්දුවයි අටක් පමණක් වන අතර එයට සාපේක්ෂව ඖෂධය ලබා නොදුන් පුද්ගලයන් අතරින් සියයට හතක් රෝහල් ගත කිරීමට සිදුව තිබේ.

රෝග ලක්ෂණ පෙන්වා දින 5 කට පසු ෆයිසර් සමාගමේ කොවිඩ් පෙත්ත ලබාදුන් පුද්ගලයන් අතරින් සියයට එකක් පමණක් රෝහල් ගතකිරීමට සිදුව ඇති අතර කිසිවෙකු මියගොස් නැති අතර ඖෂධය ලබා නොදුන් සාම්පල නියැදියේ පුද්ගලයන් අතුරෙන් සියයට 6.7 ක් රෝහල් ගතකර ඇති අතර, ඉන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ඖෂධය ක්‍රියාත්මක වන්නේ කොවිඩ් වෛරසය මිනිස් සිරුර තුළ ප්‍රගුණනය වීමට අවශ්‍ය එන්සයිමයක් වැළැක්වීමෙනි.

එය රිටොනවීර් නැමති වෛරස්නාශක ඖෂධය සමඟ ලබාදුන් විට සිරුර තුළ වැඩි කාලයක් පවතින බවයි අනාවරණ වී ඇත.

පැක්ස්ලොවිඩ් ෆයිසර් කොවිඩ් පෙත්ත තවදුරටත් සායනික පරීක්ෂණ මට්ටමේ පැවතුණද ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් එම පෙති ලක්ෂ ගණනක් දැනටමත් ඇණවුම් කර තිබේ.

Related posts

හමාස්ට එරෙහි මෙහෙයුම පූර්ණ ශක්තිය යොදා අඛණ්ඩව ගෙන යනවා | ඊශ්‍රායල අගමැති ජනතාවට කියයි.

colombotoday

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

Whatsapp සංවාද සුරකින්න “ChatLock” හඳුන්වා දෙයි..

Admin

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

රැකියාවට හැකියාව නෑ.. ඉන්දියානු ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් රැකියාවකට සුදුසුකම් නැතිලු

colombotoday

හින්දූන් ඉලක්ක කර බංගලාදේශයේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් දැඩි ප්‍රහාර. – ගැටුම් හේතුවෙන් සුළු ආගමිකයන් රට හැර යයි.

colombotoday