Colombo Today Local News

පොහොර නොමැතිවීමෙන් ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමති

වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රට තුළ මේ වන විට ඇතිවී ඇති අවුල් සහගත තත්වය නිවැරදි කරගැනීමට කාලයක් ගතවනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා එය පහසු කරුණක් නොවන බව ද සඳහන් කළේය.

රසායනික පොහොර යළි ආනයනය කරන්නේ නම් ගොවි ජනතාවට සහනදීමත් කළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ගොවි ජනතාවට කිසිම සහනයක් නොමැතිය අසහනය හා ආර්ථික අපහසුතා හේතුවෙන් වහ බොන්නට වන තත්වයක් උද්ගත වී ඇතැයි ද කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24)දින පැවති පක්‍ෂ ආසන සංවිධායකවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමේ අවස්ථාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රසායනික පොහොර ගෙන්වීම සිදුවන ආකාරය ගැන කිසිඳු නිල තොරතුරක් තමන්ට ලැබී නැතැයි කී හිටපු ජනාධිපතිවරයා මේ වන විට ගොවි ජනතාව දුක් වේදනා සහිතව අසරණ වී සිටින බව ද පැවසීය.

කාබනික පොහොර වෙත යොමුවීම ප්‍රතිපත්තියක් ලෙස ඉතා හොඳ වුවත්, ගැටලුවක් ඇතිවූයේ එහි සැලැස්ම වරද්දා ගත් නිසා යැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමාද ජනාධිපතිවරයා හා මහවැලි ඇමතිවරයා ලෙස සිටි සමයේ ඒ කෙරෙහි යොමුවීමට උත්සාහ කළ බව කීවේය.

මෙහිදී පළමුව ආදර්ශ ව්‍යාපෘති තුළින් කටයුතු ආරම්භ කර පසු ක්‍රමයෙන් වර්ධනය කළ යුතු බව කී හිටපු ජනාධිපතිවරයා කාබනික පොහොර භාවිතයට රටක්ම යොමුකිරීම එක රැයින් කළ හැක්කක් නොවන බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක, රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා මෙහිදී පැවසුවේ ගොවි ජනතාවගේ ඡන්දයෙන් පැමිණි අයකු වන තමන් රසායනික පොහොර යළි ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ සතුටු වන බවයි.

පොහොර නොමැතිවීමෙන් මෙම කන්නයේදී ගොවීන්ට විශාල අසාධාරණයක් වූ බවත්, මෙය ගොවීන්ගේ හඬට ඇහුම්කන්දීමක් ලෙස සළකන බවත් දිසානායක මහතා පැවසීය.

ඉදිරි මැතිවරණවලදී තනිව තරඟ කරන ලෙස පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලීමක් ඇතැයි කී දිසානායක මහතා ඒ ගැන මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි ද කීවේය.

Related posts

11දා රට ඇරියා කියා කඩා බිඳගෙන කඩගානේ දුවන්න එපා. විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ආර්ථිකය ගැන අගමැතිට අවබෝධයක් නැ.. මහින්ද පැරැද්දුවා වගේ රනිල් – මෛත්‍රී එකට තියා පරද්දමු

colombotoday

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday