උත්සව සමය වෙනුවෙන් හෙට (23)දිනයේ සිට දීපව්‍යාප්තව වැටලීම ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව වැඩි මිලට ආහාර අලෙවි කරන සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කෙරෙනු ඇති.
එහිදී වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳ සැල්වලට නඩු පැවරීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
මෙම වැටලීම් ජනවාරි 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.