Colombo Today Local News

‘දේශීය ආදායම් බදු පනතේ ගැටළුවක් නැහැ’

දේශිය ආදායම් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඇතුළත් කෙරෙන බව දැනුම්දී ඇති හෙයින් එම සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (17)දින පැවසීය.

කතානායකවරයා මෙම නිවේදනය කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරිණ.

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

Related posts

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday

යහපාලනයෙන් රටේ ණය බර 39%කින් ඉහළට.. මහ බැංකු වාර්තාවලින් හෙළිවේ !

colombotoday

කොටි ඩයස්පොරාවේ 13 දෙනාට සිර දඩුවම් දීම ස්විස් අධිකරණය ප්‍රතික්ශේප කරයි

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday

ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

colombotoday