Colombo Today Local News

අල-ලූණු අද ගිනි ගණන්

ලූණු සහ අල මිල අද (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 285 ත් 290 ත් අතර ද, ලංකා ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 340 ත් 350 ත් අතර ද, පැවැති බව වෙළෙන්දෝ කියති.

ලංකා අල කිලෝවක මිල රුපියල් 360 ත් 380 ත් අතර ද, චීන අල කිලෝවක මිල රුපියල් 210 ත් 220 ත් අතර ද, පාකිස්කානු අල කිලෝවක් රුපියල් 180 ත් 190 ත් අතර ද පැවැති බවත් රතු ලූණු කිලෝවක මිල රුපියල් 550 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වෙළෙන්දෝ සඳහන් කරයි.

සුදු ලුණු කිලෝවක් රුපියල් 380 ත් 390 ත් අතර මිලකට අළෙවි වූ බව ද ඔවුන් පවසයි.

කොළඹ කොටුව තොග වෙළෙඳපොලේ ලූණු සහ අල ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම මෙයට හේතු බව ද වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

නිමල්සිරිපාලගේ ලංගම සභාපති මාලිමා ආණ්ඩුවේ ලංගම සභාපති කරයි

Admin

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday

CID ය ඉදිරිපිට පොල් ගැසූ සංජය මහවත්ත යළි රිමාන්ඩ්

Admin

තිස්සට එජාපයෙන් යළිත් ඇරයුම් !

colombotoday

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් ලබා ගැනීම පිණිස ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය

colombotoday