Colombo Today Local News

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් ලබා ගැනීම පිණිස ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් පහසුකම ලබා ගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රටවල් වෙත දැනුම් දී ඇති අතර ඉලක්කගත කණ්ඩායමේ සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිලිබඳ තාක්ෂණික තොරතුරු ඇතුළත් එන්නත් අයදුම්පතේ පළමු කොටස සහ A කොටස 2020 දෙසැම්බර් 07 දිනට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර තිබේ.

එහි දෙවන කොටස වන එන්නත් ලබා ගැනීම සහ ඊට අදාළ වන්දිපූරණ ගිවිසුමට එළඹීම සඳහා 2021 ජනවාරි 08 දිනට පෙර අයදුම්පත ඉදිරිපත් කල යුතු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

ඒ අනුව නීතිපති විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කොවැක්ස් සඳහා වන එන්නත් ඉල්ලීමේ B කොටස ඉරිදිපත් කිරීමටත්, කොවැක්ස් පහසුකම මගින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුමකට එළඹීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව දැනටමත් මෙම කොවැක්ස් ක්‍රියාවලියට ඇතුලත් වී ඇති අතර ඒ යටතේ එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස වන නිල සංවර්ධන සහාය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුලත් GAVI සංවිධානය විසින් තහවුරු කර තිබේ.

Related posts

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

colombotoday

මේ වසරේ ගෙවිය යුතු විදෙස් ණය ඩොලර් කෝටි 690ක්

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ට අනුර ජනාධිපතිතුමාගෙන් රතු එළියක්

Admin

පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

Admin

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

colombotoday

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday