Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී‍ට නිකුත් කල සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලූ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන්වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබේ.

ඒ අනුව ලබන 10 වැනිදා රිට් පෙත්සම සලකා බලන බවයි අභියාචනාධිකරණය දන්වා ඇත්තේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබියදී එය වළක්වාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

Related posts

ජනධිපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් වාසි ගොඩක්

Admin

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

colombotoday

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි උපදෙස්

colombotoday

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin