Covid 19

සති දෙකක් තුනක් යනවිට දෛනික රෝගීන් ප්‍රමාණය හයදහසකට වඩා වැඩි වේවි

දැනට ලංකාවේ කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රමාණය ඉතා ඉහලට ගොස් තිබෙන අතර මෙම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය මත බවත් මෙම පරීක්ෂණ බොහෝවිට සිදු කරන්නේ රෝහලකට පැමිණි හෝ
ආසාදිතයින්ගේ ආශ්‍රිතයන්ට බවත් එසේ පරීක්ෂණ සිදු නොකර සමාජයේ සිටින ආසාදිතයින් ප්‍රමාණය පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය මෙන් දල වශයෙන් දෙගුණයක් පමණ විය හැකි යැයි තමාට සිතෙන බවත් එම පිරිසෙන් මෙම වෛරසය සමාජයේ තවත් පැතිරෙන බවත් එසේ වුවහොත්
තවත් සති දෙකක් තුනක් යනවිට දවසකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය හයදහසකට (6000) වැඩි වේවි යැයි තමාට බියක් තිබෙනවා යැයි ශ්‍රී ලංකා ජාතික රෝහලේ කායික විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවැසීය.

විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවැසුවේ අද(10) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කල ඒ මහතා මෙසේද පැවැසීය.

‘දැනට ලංකාවේ රෝගීන් වාර්තා වන ප්‍රමාණය ඉතා ඉහලට ගොස් තිබෙනවා. මේ ප්‍රමාණය වාර්තා වෙන්නේ පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන ප්‍රමාණය මතයි.පසුගිය කාලයේ පී.සී.ආර්.පරීක්ෂණ සියයක් කල විට එයින් එකක් දෙකක් පමණ පොසිටිව් වූ නමුත් මේ වන විට සමහර ස්ථානවල පී.සී.ආර්.පරීක්ෂණ සියයක් කල විට විස්සක් විසිපහක් පමණ පොසිටිව් වෙනවා.මෙම පරීක්ෂණ බොහෝවිට සිදු කරන්නේ රෝහලකට පැමිණි හෝ
ආසාදිතයින්ගේ ආශ්‍රිතයන්ටයි.නමුත් දල වශයෙන් පී.සී.ආර්. නොකර සිටින පුද්ගලයන් දෙගුණයක් වත් සිටිනු ඇතැයි සිතෙනවා.මේ අය සමාජයේ සිටියහොත් මේ අය මෙම රෝගය සමාජයේ තවත් අයට පතුරනවා.එම නිසා තවත් සති දෙකක් තුනක් යනවිට දවසකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය හයදහසකට(6000) වැඩි වේවි යැයි බියක් තිබෙනවා.මෙම ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වීමට අවශ්‍ය නොවේවි.නමුත් මෙම පිරිසෙන් 17%කටවත් ඔක්සිජන් අවශ්‍ය වේවි යැයි සිතෙනවා.හය දහසකින් 17% ක් යනු විශාල ප්‍රමාණයක්.මේ නිසා රෝහල්වල ධාරිතාවය ඉක්මවීමට ඉඩකඩක් තිබෙනවා.මේ සම්බන්ධයෙන් රජය විසින් ගත යුතු පියවර ගන්නා නමුත් මෙම රෝගීන් ප්‍රමාණය වැඩි නොකර සිටීමට සමාජය වශයෙන් අපිට වගකීමක් තිබෙනවා.පසුගිය කාලයට වඩා දැන් ප්‍රවේශම් විය යුතුයි.
රට වසාදමනවාට වඩා මුහුණයි කටයි වැසීම පහසුයි.වෛරසයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරනයක් හා මුහුණු ආවරණයක් භාවිතා කිරීම ප්‍රමාණවත්.’

Related posts

හිතුවක්කාර මිනිස්සු ඉන්නකන් ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ! වත්මන් තත්වය ගැන ජනපති සැරටම කියයි

colombotoday

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday

පූර්ණ එන්නත ලබා ගත් අයට වෛරසය අසාදනය වුවත් ඉක්මනින් හොදවෙනවා. | ජර්මානු විද්‍යාඥයින් පර්යේෂණයකින් සොයාගනියි.

colombotoday

කොවිඩ් ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්

colombotoday

අද සමස්ත ආසාදිතයින් ගණන 1,509ක්

colombotoday

එන්නතක් විදීමෙන් පසු රෝහලට ගෙන ගිය බිළිඳෙක් කොවිඩ් ආසාදයවී මරුට

colombotoday