Colombo Today Local News

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

මහජනයා මාළු මිලදීගැනීම සහ පරිභෝජනයට බියවීම වළකමින් ඒ කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු අනුභව කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ධීවර ප්‍රජාව වෙනුවෙන් මේ වනවිට කළ යුතු හොඳම දෙය නම්, මාළු පරිභෝජනට බිය නොවීම බවය.

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව කී ඒ මහතා, ඔවුන්ට සහයෝගය පළ හැකි එකම ක්‍රමය වන්නේ, මාළු මිලදීගැනීම බවද කීය.

එලෙසින් කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කිරීම, රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම බවද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය හමුව අතරතුරදී, තමන් ගෙනා අමු මාළු අනුභව කරමින් ඒ මහතා මේ බව පැවසීය.

Related posts

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin

2005 පටන් කාපු බීපු හැටිත් මගෙන් අහනවා.. ඒ ගැන කියන්න මේ දවස්වල හට්ටි මුට්ටි ගණන් කරනවා

colombotoday

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday

ප්‍රතිපත්ති පොලි අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin