Colombo Today Local News

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08)දින නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75ක ට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Related posts

තෝර මාළු හපන්න බෑ ගල් වගේ, බස්නාහිර සභාවේ කෑම සවුත්තුයි – මන්ත්‍රීන්ගෙන් මැසිවිලි

colombotoday

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

රුපියල් 5,000සේ දීමනාවට අදාලව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

colombotoday

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday