කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම ඊයේ (04) දිනය අවසානයේ දී රුපියල් මිලියන 68.77 ක් දක්වා අඩු වූ අතර එය පසුගිය වසර දහයක කාලය තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම වේ.
2009 අප්‍රේල් 28 දින වාර්තා වූ රුපියල් මිලියන 64.3 ක දෛනික පිරිවැටුමෙන් පසු, පසුගිය වසර 10 ක කාලය තුළ කොටස් වෙළෙඳපොළේ මෙසේ අඩුම දෛනික පිරිවැටුම ඊයේ වාර්තා විය.
2014 මාර්තු 17 දින ගණුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 90.93 ක් වූ අතර ඉන් පසු රුපියල් මිලියන 100 ට වඩා අඩු දෛනික පිරිවැටුමක් වාර්තා වූයේ ඊයේ දිනයේදීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත