කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයින්ට ඇතිවූ අකාරයේ විපත්තියක් සිදුව නොමැති බවත් අද වනවිට ආරක්ෂක අංශ කඳවුරු ගණනින්කො විඩ් වසංගතයට ගොදුරු වී ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
හිටපු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ, ඊයේ (මැයි 03) පැවති ‘සමගි ජන බලවේගයේ’ මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් ඊයේ වනවිට බංගලාදේශයේ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර වෛරසය හේතුවෙන් ඊයේ(3) වන විට පොලිස් නිලධාරීන් පස් දෙනෙකු මියගොස් ඇත. 315 ක් නිරෝදායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර 1,250 ක් නිවාස නිරෝධායනය යටතේ සිටින බව දත්ත පෙන්වා දෙයි.