Uncategorized

මම නොම්මර එකේ දේශප්‍රේමියෙක්… MCC ගිවිසුම අහෝසි කරන්න මගේ සහය දෙනවා – විපක්ෂ නායක සජිත්

දැන් විපක්‍ෂ නායක පුටුවේ ඉන්නේ නොම්බර එකේ දේශපේ‍්‍රමී නායකයෙක් නිසා එම්සීසී ගිවිසුම ඇතුළු දේශද්‍රෝහී ගිවිසුම් අහෝසි කරන යෝජනා වහාම පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස තමා යෝජනා කරන බව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (04දා) බද්දේගම නගරයේ පැවැති පාක්‍ෂික හමුවකදී පැවැසීය.

ජනාධිපතිවරණයේදී හැටනව ලක්‍ෂයකගේ අපේක්‍ෂාව වූයේ එවැනි දේශද්‍රෝහී ගිවිසුම් අහෝසි කිරීම සඳහා ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරදීම විපක්‍ෂයේ වගකීම බවද විපක්‍ෂනායකවරයා කීය.

මේ රටේ හැටනව ලක්‍ෂයක් අපි රට බෙදන, රට කඩන, රට විනාශ කරන ජාති ද්‍රෝහීන් යැයි කිව්වා. ඒත් ඡුන්දය ඉවර වුණාට පස්සෙ ඒ ගැන සද්දයක් නැහැ. ඡුන්ද ප‍්‍රතිඵල ආවාට පස්සෙ එම්සීසී ගිවිසුමේ සියයට හැත්තෑවක් හොඳයිලූ. මේ අය කොහොම මේවා කියනවද දන්නෙ නැහැ. එම්සීසී ගිවිසුම වහාම ඉරා දමන්න. අපි හිතනවා නිදහස් දිනයට පෙර මේ ගිවිසුම ඉවත් කරයි කියලා. ඒ නිසා මේක තහනම් කරන්න එන සතියේ යෝජනාවක් ගේන්න. අපි එයට සහයෝගය දෙන්නම්.

Related posts

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin

මැයි 2 රජයේ නිවාඩු දිනයක්

colombotoday

“පර බල්ලා, මෝඩයා” මංගල සමරවීර ජනපතිට බැන වදී – Video

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

මධ්‍යම සභාව මූල්‍ය අර්බූදයක.. ලක්ෂ 650ක් වැයකර 25ක් රුසියා සවාරියක.. ජනපති අවසර දුන්නාලු !

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday