Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්  බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලලිත් චුල්ලසුමන පෙරේරා නැමැති 73 හැවිරිදි එක්දරු පියෙකි.

ලලිත් චුල්ලසුමන පෙරේරා මහතා එම වයිරසය ආසාදනය වීම හේතුවෙන් ලන්ඩන් නුවර  චෙයාරින් ක්‍රොස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ සංකුලතා නිසා ඊයේ (07) අභාවප්‍රාප්ත වී ඇත.

කලක පටන් එරට පදිංචි වී සිටි ඒ මහතා සිය බිරිඳ සමඟ එරට අවන්හලක්  පවත්වා ගෙන ගිය අතරම ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ අයෙක් යැයිද එරට තානාපති ආරංචි මාර්ග කියා සිටී.

පෙරේරා මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ ඉසිපතන විද්‍යාලටේ ආදි ශිෂ්‍යයකු වන අතර එම විද්‍යාල වල බ්‍රිතාන්‍ය ආදි ශිෂ්‍ය සංගම් ශාඛාවල ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසින් හා ලන්ඩන් බෞද්ධ විහාරයේ ප්‍රධාන දායකයෙකු ලෙසින් කටයුතු කර සමාජ සේවයෙකුද වේ.

මෙම මරණයත් සමඟ මේ වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් සිව් දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂේන් විජේරත්න , හෙන්රි ජයවර්ධන සහ අනුර ගාල්ලගේ මීට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී එරටදී  මරුමුවට පත්වූහ.

මීට අමතරව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 32 ක් සහ 43 හැවිරිදි වියේ පසුවූ යාපනය පදිංචිව සිට එරටට පැමිණි අය බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී

Related posts

වන සතුන් නිසා ගම අරාජික වෙලා.. රිලවුන්, වදුරන්, මොණරුන්, ඌරන් මරා මස්කෑවොත් පාලනයක් වෙනවා.. ආගම්වාදීන්ට මේව තේරෙන්නෑ -JHU

colombotoday

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හු‌දකලා කෙරේ

colombotoday

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

colombotoday