Colombo Today Local News

ගවඝාතනයට බලපත්‍රයක් දුන්නේ ජීවත්වෙන්න රැකියාවක් නැති නිසා – ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්

ජීවත්වීමට රැකියාවක් නොමැති නිසා ගව ඝාතකාගාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය බලපත්‍රයක් ලබාදෙන මෙන් මැල්සිරිපුර ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු ලිපියක් මගින් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එම ලිපිය සලකා බලා එම පුද්ගලයා වෙනුවෙන් බලපත්‍රය නිකුත් කිරීමට ලේකම්වරිය තීරණය කල ද ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ සහ ජනතාවගේ විරෝධය හමුවේ එය නිකුත් නොකරන බව පොරොන්දු වී ඇත.එසේ පොරොන්දු වී තිබියදී ප්‍රදේශීය සභාවේ ලේකම්වරිය විසින් හොර රහසේම එම ගවඝාතකාගාර බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බව colombotoday.com වෙත වාර්තා වෙනවා.

මෙම ගවඝාතකාගාරය ආරම්භ වුවහොත් ප්‍රදේශයේ පරිසරයට අහිත කරලෙස බලපාන බවයි ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ. විශේෂයෙන්ම ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ද මෙම ක්‍රියාවට විරෝධය පළකර තිබෙන බවද සදහන් වනවා.

Related posts

මෙරට කිතුල් නිෂ්පාදන අපනයනයට සූදානම්

Admin

ප්‍රභාකරන් මරා දැමූ 53වැනි සේනාංකය නාරම්මල රිලව් එලවන්න යොදවලා – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

colombotoday

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

තලතා සහ මද්දුමබණ්ඩාර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළනවා – එජාපයෙන් නිවේදනයක්

colombotoday

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

colombotoday