Colombo Today Local News

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්,  ජෙලෙග්නයිට් කූරු,   උණ්ඩ  ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි  ඔල්ලිකුලම් ප‍්‍රදේශයේ වළ දමා තිබියදී අද (27)  සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

පාස්කු ප‍්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප‍්‍රධාන ගෝලයා වන මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම් හමුවේ මේවා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු  කාත්තන්කුඩි  ඔල්ලිකුලම් ප‍්‍රදේශයට රැගෙන ගොස්  මිල්හාන් නැමැති සැකකරුගේ ප‍්‍රකාශ අනුව ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපරණ සොයාගත් බවද රුවන් ගුණසේකර මහතා කියාසිටියේය.

සොයාගත් භාණ්ඩ අතර  ජෙලෙග්නයිට් කූරු 300 ක්,  ඩෙටනේටර්  1000 ක්,  ද්‍රව ජෙලෙග්නයිට් ලීටර් 8 ක්, ටී 56 ගිනි අවියක්, පිස්තෝල ඇතුළු  විවිධ ගිනි අවිවලට යොදන  උණ්ඩ  300 ට ආසන්න ප‍්‍රමාණයක්  තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Related posts

නව හැවිරිදි දැරියන් දෙදෙනෙකු අපහරණය කළ කැකිරාවේ මව්ලවි අත්අඩංගුවට !

colombotoday

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

Admin

ජනපතිගෙන් ඓතිහාසික චක්‍ර ලේඛයක්… මැති ඇමතිලාගේ පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට, රජයේ වැඩවලට ඇගිලි ගැසීම තහනම් !

colombotoday

සෞඛ්‍ය ඇමති රාජිත යටතේ ලංකාව ඓතිහාසික වාර්තාවක් තියයි !

colombotoday

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

මුස්ලිම් වර්ල්ඩ් ලීගයෙන් ශ්‍රී ලංකා ජනපතිට ඩොලර් මිලියන 05ක පොල්ලක්

colombotoday