Uncategorized

“කවුරු කොහොම කීවත් මගේ විශ්වවිද්‍යාලය ජනවාරි 3 විවෘත කරනවා” – හිස්බුල්ලා

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන වසරේ ජනවාරි 3වැනි දින සිට විවෘත කරන බව එහි ප්‍රධානී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්.  හිස්බුල්ලා (02) පැවසීය.

කිසිම හේතුවක් නිසා මෙම විශ්වවිද්‍යාලය රජයට නොපවරාගන්නා බවත්, රජය සමග සහයෝගයෙන් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් හිස්බුල්ලා සඳහන් කළේය.

තමන් බලයට පැමිණියහොත් මෙම විශ්වවිද්‍යාලය  රජයට පවරාගැනීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරනු ඇතැයිද, කෙසේවෙතත් හදිසි නීතිය යටතේ හෝ රජයට පවරා ගැනීමට නෛතික පදනමක් නැතැයිද හිස්බුල්ලා ප්‍රකාශ කළේය.

Related posts

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

සංචරණ සීමා ගැන තීරණයක් තවත් සති දෙකකින්

colombotoday

ආදානි බංගලාදේශයේ ලයිට් කපයි රටම අදුරේ

Admin

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

colombotoday

නියමිත බර නොමැති පාන් සදහා නඩු

Admin