ඇමරිකානු ජනාධිපතිවරයා විසින් යොමුකරන කරන විශේෂ පණිවිඩයක් රැගෙන දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් අද (20) අලුයම දිවයිනට පැමිණියාය.
අලුයම 5 ට පමණ මුම්බායිහි සිට පැමිණි ජෙට් එයාර්වේස් ගුවන් සේවයට අයත් යානයකින් නිිශා බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණ ඇත.
ජිනීවා යෝජනා වලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ මන්දගාමී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඇය ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගද නිශා බිස්වාල් මහත්මිය සාකච්ඡා කිරීමට නියමිතය.
නිශා දේසායි බිස්වාල් පසුගිය මාසයේ ද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියාය.