Colombo Today Local News

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

පසුගිය සති දෙකක කාලය තුලදි බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස්ව ගොස් ඇති රැදවියන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත දුරකථන ඇමතුමක් මගින් ඒ ගැන දැනුම් දෙන්නැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

මොවුන්ගේ නිවෙස්වලටම පැමිණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙවැනි පුද්ගලයින් පිළිබද අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ද දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

පසුගිය දින 14 තුල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටි රැදවියන් 38 දෙනෙකු ඇප ලබා නිදහස්ව ගොස් ඇති බවද හෙතෙම පවසයි. ඔක්තෝබර් මස 30 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස්ව ගිය රැදවියන් පිළිබද නාම ලේඛනයක් ලබාදෙන ලෙස බන්ධනාගාර දේපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි අතර එම රැදවියන් හැකි ඉක්මණින් හදුනාගෙන නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට දැනුම් දී ඇති බවද හෙතෙම පවසයි.

රැදවියන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කරණ තෙක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව සදහන් කළ වසංගත රෝග විද්‍යාඥවරයා බන්ධනාගාර පොකුර සමාජගත නොවී පාලනය කිරීම සදහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමග එක්වී මෙම පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අද සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

colombotoday

“නාවික හමුදා මෙහෙවර ගැන මහඇමතිට අවබෝධයක් නෑ.. ආය වැරදි වැඩ කරන එකක් නෑ” – ආරක්ෂක ඇමති

colombotoday

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පළමුවරට කාන්තා නිලධාරිනියක්

colombotoday

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday