මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී හොඳම ඇමැතිකම් ලබා දී ඇත්තේ වැඩ බැරි නිකමුන්ට යයි විදුලිබල බලශක්ති හා රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ ඇමති රවී කරුණානායක මහතා සඳහන් කරයි.
සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පලකර ඇත.
තමනට බාර දී ඇති විදුලිය තමන් දන්නා විෂයක්ද නොවන බවත්. කුස්සියට දාන්න ඕනෑ කෝකියෙකු මිස මෝස්තර කාරයෙක් නොවන බවත් තව දුරටත් අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත.
වත්මන් මුදල් ඇමතිවරයා ඇදුම් මෝස්තර නිර්මාණ සම්බන්ධයෙන් විදෙස් ඩිප්ලෝමාධාරියෙක් බව විකිපීඩියාව සදහන් කරයි.