Colombo Today Local News

හෙරොයින් සමග යුවලක් අත්අඩංගුවේ

පිළියන්දල, සුවාරපොළ නිවසක මත්කුඩු ඇසුරුම් කරමින් සිටි යුවලක් හෙරොයින් ග්‍රෑම් 75 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25)දින සවස 2 ට පමණ මොරටුමුල්ල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී වයස අවුරුදු 39 ක් හා 43 ක් වු මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනම මත රැඳී සිටින නිවසේ සිට හෙරොයින් ජාවාරම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අද (26)දින කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

අධික උෂ්ණත්වය නිසා දරුවන් අනතුරේ.. දෙමව්පියන් කරන්න ඕන දේවල් මෙන්න

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා වලට විසඳුම්

colombotoday

ජාතිවාදී ආණ්ඩුව භූමිදානය කරන්න දෙන්නේ නෑ. වැළලීම වෙනුවෙන් මෙවර නලින් බණ්ඩාර

colombotoday

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

විල්පත්තුව ගැන කෑගහන මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන මල් පැලයකටවත් වතුර දාන්නේ නෑ – හරීන් ප්‍රනාන්දු

colombotoday