Colombo Today Local News

හෙරොයින් සමග යුවලක් අත්අඩංගුවේ

පිළියන්දල, සුවාරපොළ නිවසක මත්කුඩු ඇසුරුම් කරමින් සිටි යුවලක් හෙරොයින් ග්‍රෑම් 75 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25)දින සවස 2 ට පමණ මොරටුමුල්ල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී වයස අවුරුදු 39 ක් හා 43 ක් වු මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනම මත රැඳී සිටින නිවසේ සිට හෙරොයින් ජාවාරම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අද (26)දින කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

පෞද්ගලික සංචාරයකට අගමැති ඇමරිකාව බලා පිටත්ව යයි..

colombotoday

VAT හේතුවෙන් බස් ගාස්තු 25% කින් ඉහලට – අවම ගාස්තුව රු.10 යි

colombotoday

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Admin

කඳුළු ගෑස් උණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday