Colombo Today Local News

‘හමුදා තොරතුරු උසාවියට දෙන්න එපා’ – ජනපති නියෝග කරයි

මේ වන විට විවිධ අධිකරණ ඉදිරියේ විභාගවෙමින් පවතින ඝාතන අතුරුදන් කිරීම් සම්බන්ධ නඩුවලට අදාළව, එම අධිකරණවලට අවශ්‍ය වී තිබෙන ත්‍රිවිධ හමුදාවල අභ්‍යන්තර තොරතුරු ලබා නොදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අණ කොට තිබෙන බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා මෙලෙස අවධාරණය කර තිබෙන්නේ, අගෝස්තු 28 වෙනිදා සවස් වරුවේ ඔහුගේ පැජට් පාරේ නිවසේ පැවති සාකච්ඡාවකදී බවද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවී විජේගුණවර්ධන, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානී, යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානී සමග පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වී තිබේ

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම, කීත් නොයාර් පැහැගෙන යෑම, උපාලි තෙන්නකෝන්ට පහරදීම හා එකොළොස් දෙනෙකු පැහැරගෙන ගෙන ගොස් අතුරුදන් කරවීම වැනි පසුගිය පාලන කාලය තුළ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදුවී අතැයි කියන අපාරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට, එම විමර්ශන ඉදිරියට ගෙන යෑමට හමුදාවේ යම් යම් අභ්‍යන්තර තොරතුරු අවශ්‍ය වී තිබිණ.

මේ සම්බන්ධයෙන් ඒ ඒ අධිකරණවලට දැනුම් දුන් විට, එම තොරතුරු ලබාදෙන දෙස හමුදාපතිවරුන්ට අධිකරණ නියෝග දී තිබුණ ද විවිධ හේතු දක්වමින් මේ වන තෙක් ඒවා ලබා දී නැත.

මේ තත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ තොරතුරු ලාබා දෙන ලෙස ඉල්ලා මීට පෙර හමුදාපතිවරුන්ටද ලිපි යවා තිබේ.

මීට සති දෙකකට පෙර නැවතත් එම ඉල්ලීම පොලිසිය විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ගෙන්ද කරන ලදී.

අගෝස්තු 28 වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් කැඳවනු ලබන්නේ එම ඉල්ලීමට ප්‍රත්චාර ලෙසින්ය.

එහිදී, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා ඇත්තේ, පොලිසිය විසින් තමාගෙන් කරුණු 34 ක් යටතේ තොරතුරු ඉල්ලා ඇති බවත්, ඒ තොරතුරු ලබාදීම ජාතික ආරක්ෂාවට හානියක් විය හැකි බවත්ය.

එහිදී පොලිස්පතිවරයා ඇමතූ ජනාධිපතිවරයා, හමුදා නිලධාරීන් අත්අඩංගුවේ සිටීම හා සැකකරුවන් ලෙස සිටීම ගැන සිය අප්‍රසාදය පොලිස්පතිවරයා වෙත පළකර ඇති අතර, අත්අඩංගුවට ගැණෙන ඒ සමහරු මාස ගණන් හිරකරගෙන තබාගෙන සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු සාක්ෂියක් නැතිව බවත්, සමහරුන්ගෙන් කටඋත්තරයක්වත් සටහන් කොටගෙන නැති බවත් ප්‍රකාශ කර තිබේ.

ඊට ප්‍රතිචාර දැක්වූ පොලිස්පති පූජිත් ගුණවර්ධන මහතා කියා ඇත්තේ, මේ තොරතුරු ඉල්ලා ඇත්තේ අධිකරණවල නියෝග මත බවත්, අත්අඩංගුවට ගත් සෑම පුද්ගලයන්ගෙන්ම කටඋත්තර සටහන් කරගෙන ඇති බවත්, සමහරුන්ගෙන් කීපවරක් කටඋත්තර සටහන් කරගෙන ඇති බවත්ය.

එසේම කිසිවකු නිකරුණේ අත්අඩංගුවට ගෙන නැති බවත්, අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔවුන් අපරාධවලට සම්බන්ධ බවට සෑහිමකට පත්විය හැකි තොරතුරු ලැබී ඇති නිසා බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිවරයා හමුදාවල නායකයන්ට නියම කර අත්තේ කිසිම තොරතුරක් ලෙබානොදෙන ලෙසය.

මේ අවස්ථාවේ විශේෂත්වය වන්නේ, මේ වන විට එවැනි අපරාධ සම්බන්ධයෙන් යම් යම් චෝදනා ලබා සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාද ඉදිරියේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කිරීමයි.

Srilankanmirror

Related posts

මුලතිව් පුදුමාතල් ප්‍රදේශයේදී බෝම්බ පුපුරවන ඩෙට්කොඩ් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

දෙමළ ජන­තා­වට අයත් බෝග­ස්වැව විහාරස්ථානවලට ඉඩ නෑ. | දෙමල ජාතික සන්ධානය යලිත් බලහත්කාරය පායි

colombotoday

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

ඇමති චන්න ජයසුමනගේ මිලියන දෙසීයක නිවස. සියල්ල හෙළිකරනවා – අසේල සම්පත්

colombotoday

” අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇති වෙනවා… ජනතාව දැනුවත් කළ නිසා මාව ඉවත් කළා ” – හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

colombotoday