Colombo Today Local News

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

සූදු ක්‍රීඩාවේ නිරත වූ නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී අත්අඩංගුවට පත්වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ ‍ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයින් දෙදෙනෙකු දෙමටගොඩ පොලීසිය මගින් පරීක්ෂාකර ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 90යි මිලිග්‍රෑම් 360ක් සොයාගෙන තිබේ.

මොවුන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට පොලීසිය සැක පළ කරන අතර දෙමටගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එමෙන්ම රුපියල් ලක්ෂ 3 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දසදහසක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2100ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ගල්කිස්ස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ පස්වරුවේ දෙහිවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙහිවල ඕබන් සහ කවුඩාන ප්‍රදේශවල පදිංචි 25 සහ 35 යන වයස්වල පසුවන අය බව වාර්තා වේ.

Related posts

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

colombotoday

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

colombotoday

නව ව්‍යවස්ථාවක් එපා ! සංශෝධනත් එපා ! මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ඒකමතිකව තීරණය කරති

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියක් විදුලිය හොරකම් කර මාට්ටු

colombotoday

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday