Colombo Today Local News

සුදු වෑන් සිද්ධිය – CD තැටි කොළඹ මහාධිකරණයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 12 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (22) දින ලබා දුන්නා.

ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන් වෙත අධි චෝදනා කොළඹ මහාධිකරණය මීට පෙර භාර දෙන ලදි.

අද මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවූ අතර සිද්ධියට අදාළ CD තැටි මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොළඹ මහාධිකරණය වෙත භාර කරන ලදි.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනාපත්‍ර ගොනු කර තිබුණා.

ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහය යටතේ බොරු සාක්ෂි නිර්මාණය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර තිබෙනවා.

Related posts

යහපාලන ඉඩම් කොල්ල නිසා නකල්ස් රක්ෂිතය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

මැතිව්ස්ට කොවිඩ්

colombotoday

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ.. සහරාන් මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් – මුජිබර් රහුමාන්

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin