Colombo Today Local News

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

සීගරිය, දඹුල්ල, ඉබ්බන්කටුව හා නාමල් උයන අතර සම්බන්ධතාවක් ඇතිකොට සංචාරක කලාපයක් සේ සංවර්ධනය කිරීම කෙරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමුව ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

ඒ,ජාතික නාමල් උයන හා රෝස තිරිවානා නිධියේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු නිල වශයෙන් පවරා දීමෙන් පසුවය.

වාර්ෂිකව සීගිරිය නැරැඹීමට පැමිණෙන ලක්ෂ 6ක් පමණ වූ විදේශීය සංචාරකයන් කේන්ද්‍ර කොට ගනිමින් මේ සැලැසුම ක්‍රියාවට නැන්වෙන බවත් සීගිරිය ආසන්නයේම ඇති මෙවැනි පෞරාණික හා භූ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන මඟහරිමින් අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශ කරා ඇදී යන සංචාරකයන් රෝස තිරිවානා නිධිය නැරැඹීම කෙරෙහි ආකර්ෂණය කර ගැනීම සඳහාද අවධානය යොමුව ඇති බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.

ස්වාභාවික පරිසරය, බෞද්ධාරාම සංකීර්ණය, භූ විද්‍යාත්මක වැදගත්කම ආදී තොරතුරු ඇතුළත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙසින්ද ජාතික වශයෙන් වැදගත් වන කෞතුකාගාරයක් ලෙසින්ද මේ ස්ථානය ප්‍රවර්ධනය කිරීමට සැලැසුම් කොට ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවැසීය.

ජාතික නාමල් උයන හා රෝස තිරිවාණා නිධිය නිරීක්ෂණය කිරීම සඳහා මාධ්‍යවේදීන් පිරිසක් එහි ගිය අවස්ථාවේදී සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසීය.

Related posts

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

colombotoday

බලය දුන්නේ හුරතල් වෙන්න නෙමයි අනුර! කාඩිනල් හිමිගෙන් බරපතල ප්‍රකාශයක්

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

වැඩි කල සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

මරණ දඬුවම අත්හිටුවමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

colombotoday