Colombo Today Local News

සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන පළගැටි විශේෂයක් රටපුරා වගාබිම් විනාශ කිරයි

කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයේ බෝග වගාවන් ආශි‍්‍රතව සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පළගැටියන් විශේෂය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා සම්පාදනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා සිටියි.

මෙම පළගැටි විශේෂය පොල්, කෝපි, අඹ, බඩඉරිගු, මයියොක්කා හා කෙසෙල් ඇතුළු බෝග රැසකට දැඩි හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සේනා දළඹුවන් වගාවන්ට සිදුකළ හානියට වඩා මෙම පළගැටි විශේෂයෙන් වගාවන්ට වැඩි හානියක් සිදුවිය හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ.

පවතින තත්ත්වය සොයා බැලීම සදහා කෘෂිකර්ම බලධාරීන් ඊයේ අදාළ ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය. මූලික පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ රංචු වශයෙන් කඩා වැදී මෙම පළගැටි විශේෂය වගාබිම් විනාශ කරන තත්ත්වයට පත්ව ඇති බවයි.

පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙවැනිම පළගැටියන් විශේෂයක් මීට පෙර ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසකින්ද වාර්තා වී තිබිණ. කෙසේවෙතත් එම පළගැටියන් සහ මෙම පළගැටියන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා මේ වනවිට පරීක්‍ෂණයක්ද කි‍්‍රයාත්මකයි.

Related posts

සජබ ජේෂ්ඨයන් කනස්සල්ලෙන්

Admin

මගින් හතළිහකට අධික පිරිසක් සිටිද්දී හොරණ බසයක් ගිනි ගනී

Admin

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin

“තත්ත්වය ව්‍යාකූලයි.. රට අරාජිකයි” – මල්වතු මහ නාහිමිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday