World

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර – 42ක් මරුට

සිරියාවේ හෝම්ස් නගරයේ පිහිටි ආරක්ෂක මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 42 මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 24 දෙනකු තුවාල ලබා තිබේ.

සිරියාවේ රජයේ රූපවාහිනි සේවය වාර්තා කරන ආකාරයට ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනකු සහභාගි වී ඇත.

මියගිය පුද්ගලයන් අතර සිරියානු බුද්ධි අංශ ප්‍රධානියා වන ජෙනරාල් හසන් දාබූල් (Hassan Daabool) ද සිටින බව වාර්තා වේ.

මෙය සිරියාව පවත්වන සාම සාකච්ඡා ක්‍රියාවලියට ප්‍රබල පහරක් වී ඇතැයිද වාර්තා පෙන්වා දෙයි.

Related posts

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Admin

කොවිඩ් ඩෙල්ටා පැතිරවූ ඉන්දියාවෙන් ළමුන්ගේ මොළය හැකිළෙන තවත් වෛරසයක්

colombotoday

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතනයට තැත් කළ ඉස්ලාම් අන්තවාදියා අල්ලයි

colombotoday

ට්‍රම්ප් සමඟ දේවස්ථානයට යාම ගැන සමාව ඉල්ලන හමුදා නිලධාරියා

colombotoday

මියගිය පුද්ගලයෙකු ප්‍රදර්ශනයට එල්ලා තබයි. – තලේබාන් යලිත් සුපුරුදු කෘරත්වයට

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin